තුර්කියට තවත් ප‍්‍රභල භූ කම්පනයක්..
2023 February 21- Page Views : 1187
රිච්ටර් මාපාංක 6.3ක භූ කම්පනයක් තුර්කියේ යලිත් සිදුව ඇත.
ඉන් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් 680ක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
මෙම භූ කම්පනය ඇති වී තිබෙන්නේ තුර්කි-සිරියා දේශසීමාවේ වන අතර ඉන් තුර්කියේ ඇන්ටාක්‍යා නගරයට බලපෑම් සිදුව ඇත.
දැනට සති දෙකකට පමණ පෙරද තුර්කියේ භූකම්පන දෙකක් සිදුවූ අතර ඉන් පුද්ලපයන් 40,000 ඉක්මවූ පිරිසක් මරණයට පත්ව ඇත.