එන සතියේ දී ඉන්දියාවට භයානක භූමිකම්පාවක්.. තුර්කියට වඩා දරුණුයි..- ඉන්දීය භූචලන විමර්ශන ආයතනය
2023 February 23- Page Views : 1187
ඉදිරි සතියේ දී ඉන්දියාවේ හිම්චාල් – උත්තරකාන්ත් නමැති ප්‍රාන්තවල බරපතළ භූචලනයක් සිදුවන බව ඉන්දීය භූචලන විමර්ශන ආයතනයේ ප්‍රධානී පූර්ණචන්ද්‍ර රාධි ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත.
මෙය තුර්කියේ සිදුවූ භූචලනයට වඩා රිච්ටර් මාපකයේ අටක් ලෙස දැක්විය හැකි බව ද හෙතෙම තවදුරටත් සඳහන් කර තිබේ.
උත්තරකාන්ත් ප්‍රාන්තයේ සිදුවන භූචලන අතිශයින් විශාල බව ද රාධි වැඩිදුරටත් දක්වා ඇත.
එම ප්‍රාන්තයේ ස්ථාපිත කර ඇති භූචලන විමර්ශන මධ්‍යස්ථාන 18 තුළින් කම්පන නිරීක්ෂණ කෙරෙන බව ද හෙතෙම කියා සිටී.
මෙම ප්‍රාන්තයේ ගොඩනැඟිලි රැසක් ඉදිකර ඇත්තේ පොළොව යට බව ද ඉන්දීය භූචලන ප්‍රධානියා කීවේය.
ඉන්දියාවේ භූතලය වසරකට සෙන්ටිමීටර් පහ බැගින් ගමන් කරන බව ද පූර්වචන්ද්‍ර රාධි හෙළි කළේය.
හිම්චාල් සහ නේපාලය අතර භූ පරතරයේ භූචලන ඇති වීමට මග පාදන බව ද භූචලන විමර්ශන ප්‍රධානියා තවදුරටත් පැවසීය.