රුසියාව - යුක්රේනයට පහර දී වසරක් පිරෙයි
2023 February 24- Page Views : 1187
රුසියාව - යුක්රේනයට පහර දී අදට (24) වසරක් සපිරෙනවා.
පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කරගැනුනා.
ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබුණු අතර රුසියාව ඇතුළු රටවල් 7ක් විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල 32ක් ඡන්දය දීමෙන් වැළකීසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඊට ඉන්දියාව, චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව ද ඇතුළත්.
රුසියාව සමඟ යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිතා කළේ, බෙලරුස්, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා සහ සිරියාවයි.