WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උතුරු කොරියාව කෲස් මිසයිල අත්හදා බැලීමක

2023 February 24- Page Views : 1187

යුද ගැටුමක දී සතුරු හමුදාවන්ට න්‍යෂ්ටික ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීම සඳහා උතුරු කොරියාව උපාය මාර්ගික වශයෙන් වැදගත් කෲස් මිසයිල හතරක් අත්හදා බලා තිබෙනවා.

හම්යොන්ග් පළාතේ කිම්චායෙක් නගරයට නැගෙනහිරින් වූ මුහුදු තීරයේ ඊයේ (23) පැවති යුද අභ්‍යාසයක දී කොරියානු මහජන හමුදාව මෙලෙස කෲස් මිසයිල අත්හදා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුද අභ්‍යාසය සාර්ථක වී ඇති බව උතුරු කොරියාව ප්‍රකාශ කර ඇති අතර, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ අදාළ මිසයිල දියත් කිරීම නිරීක්ෂණය කළ බවයි.