පාකිස්තානය සුඛෝපභෝගී භාණ්ඩ ආනයන බදු ඉහළ දමයි
2023 February 24- Page Views : 1187
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබාගැනීමේ අරමුණෙන් සුඛෝපබෝගි ආනයන හා සේවා රැසක් මත අයකරනු ලබන බදු ඉහළ දැමීමට පාකිස්ථානය රජය පියවර ගෙන තිබෙනවා.
පාකිස්ථානය මුහුණදෙන ආර්ථික අර්බුදය හමුවේ ආහාර සහ ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ආනයන හැර අනෙකුත් ආනයන රැසක්ම මේ වනවිටත් අත්හිටුවීමටයි පියවර ගෙන ඇත්තේ.
පුළුල් බදු වැඩිකිරීමකින් රාජ්‍ය ආදායම ඉහළ නැංවීම පාකිස්ථාන රජයේ අරමුණ වී ඇති බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.