භූ කම්පනයෙන් විනාශ වූ තුර්කියේ නිවාස යළි ඉදිකිරීම් ඇරඹේ
2023 February 25- Page Views : 1187
භූ කම්පනයෙන් විනාශ වූ තුර්කියේ නිවාස යළි ඉදිකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ පසුගිය හයවනදා තුර්කියේ සහ සිරියාවේ සිදුවූ රික්ටර් පරිමාණයේ ඒකක 7යි දශම 8ක ප්‍රබල භූ කම්පනයෙන් මියගිය ගණන 50,000 ඉක්මවා ඇති බවයි.
භූ කම්පනය හේතුවෙන් තුර්කියේ මෙන්ම සිරියාවේද නිවාස 520,000 සහිත ගොඩනැගිලි 160,000 කට පමණ හානි සිදුවුණා.