ඇමරිකාවෙන්, යුක්‍රේනයට තවත් ඩොලර් බිලියන 2ක යුධ ආධාර
2023 February 25- Page Views : 1187
ඇමරිකාව තවත් ඩොලර් බිලියන 2 ක ආරක්ෂක පැකේජයක් යුක්රේනය ලබාදෙන බවට දැනුම්දී තිබෙනවා.
ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කළේ අධිබලැති කාලතුවක්කු, උණ්ඩ, රොකට් පද්ධති සඳහා අමතර පතොරම්, අධිතාක්ෂණික රොකට් පද්ධති, අධි තාක්ෂණික ඩ්‍රෝන යානා සහ විද්‍යුත් යුධෝපකරණ හඳුනාගැනීමේ උපකරණද එම පැකේජයට ඇතුළත් බවයි.
මේ වනවිට ඇමරිකාව, යුක්රේනයට ඩොලර් බිලියන 32කට අධික යුධ ආධාර ලබාදී තිබෙනවා.
මේ අතර රුසියාව යුක්රේන ආක්‍රමණයේ පළමු සංවත්සරය ඊයේ දිනයට යෙදී තිබූ අතර, ඊට සමගාමීව විදේශ මාධ්‍ය රුසියාව යුක්රේන ආක්‍රමණය කිරීමෙන් සිදුවූ හානිය පිළිබඳ දත්ත විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා.
ඒ අනුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 350 කට අධික දේපළක් ගැටුම්වලින් විනාශ වී ඇති අතර, මිලියන 14 ක ජනතාව අවතැන්වී ඇති බවයි වාර්තාවන්නේ.
එමෙන්ම පුද්ගලයින් 23,000 කට වැඩි සංඛ්‍යාවක් මියගොස් තවත් 56,000 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි එම වාර්තාවල දැක්වුණේ.
මීට අමතරව 15,000 කට අධික පිරිසක් අතුරුදන්වී ඇති බවද එහි සඳහන්.