WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නයිජීරියානු ජනාධිපතිවරණ අද

2023 February 25- Page Views : 1187

අද (25) පැවැත්වෙන නයිජිරියාවේ ජනාධිපතිවරණයට එරට මිලියන සංඛ්‍යාත ජනතාව උද්යෝගිමත්ව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ජනාධිපතිවරණය සඳහා කම්කරු පක්ෂයේ අපේක්ෂක පීටර් ඔබි, මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ අපේක්ෂක අටිකු අබුබකර් සහ ඒ.පී.සී පක්ෂය නියෝජනය කරමින් බොලා ටිනුබු ඇතුළු අපේක්ෂකයින් 18 දෙනෙකු ඉදිරිපත්ව සිටිනවා.

වත්මන් ජනාධිපති මුහමාඩු බුහාරි වසර 8 ක කාලසීමාවක් නයිජිරියාව පාලනය කර ඇති අතර මේ වසරේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව ඔහු තනතුරෙන් ඉවත්වීමට නියමිතයි.