WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සමලිංගික පෙළපාලියකට අගමැතිවරයෙක් සහභාගි වෙයි

2023 February 26- Page Views : 1187

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් සිඩ්නි සමලිංගික පෙළපාලියකට සහභාගි වී තිබේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයෙකු සමලිංගික පෙළපාලියකට සහභාගී වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

12,000කට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් ඔස්ට්‍රේලියාවේ ඔක්ස්වර්ඩ් වීදියේ එම පෙළපාලිය පවත්වා තිබූණි.,

කොවිඩ් සීමා කිරීම් හේතුවෙන් 2019 වසරෙන් පසුව ඔස්ට්‍රේලියාවේ මෙවැනි පෙළපාලියක් පැවැත්වූ පළමු අවස්ථාව ද මෙය වේ.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බර්නීස් ප්‍රකාශ කර ඇත්තේ, මෙය නූතන ඔස්ට්‍රේලියාවේ සැමරුමක් ලෙසය.