ඉරානයේ බාලිකාවන්ට වස දීලා
2023 February 27- Page Views : 1187
ආහාරවලට විෂ කලවම් කර, ඒවා බාලිකාවන්ට ලබා දී, ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කර, පාසල් සහ අධ්‍යාපන ආයතන වසා දැමීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඉරාන රජය පවසයි.
ඉරාන රජය පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ආගමික අන්තවාදීන් කණ්ඩායමකි. මෙම කුමන්ත්‍රණය ආරම්භ වී ඇත්තේ දකුණු ඉරානයේ ‘කොආම්’ Qom ශුද්ධ නගරයෙනි.
‘කොආම්’ නගරයේ බාලිකාවන් සිය ගණනකට වැඩි පිරිසක් රෝගී වී සිටින බවත් ඔවුන්ගෙන් ඇතැමුන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් පැවැසෙයි.
විස ශරීරගත වුණු බාලිකාවන් ස්වසන ආබාධවලින් පෙළෙන බව ද පැවැසෙයි.
බාලිකාවන් රෝගී වීම ආරම්භ වී ඇත්තේ පසුගිය නොවැම්බරයේ සිටය. ඉරාන නියෝජ්‍ය සෞඛ්‍ය ඇමැති යූනිස් පන්හායි මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ මෙය බරපතල තත්ත්වයක් බවය.