ඊලොන් මස්ක්ගේ තවත් කණ්ඩායමක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට
2023 February 27- Page Views : 1187
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කිරීමට ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ඊලොන් මස්ක්ගේ, ස්පේස් එක්ස් කණ්ඩායම සූදානම් වනවා.
ඔවුන් ෆැල්කන් 9 රොකට්ටුවකින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද (27) ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
පෘථිවියේ සිට කිලෝමීටර් 420ක් පමණ ඉහළින් පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහායි සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය මෙලෙස පිටත්ව යන්නේ.
ඊට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමියෙකු සහ රුසියානු ගගනගාමියෙකු, නාසා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළත්.