ඇමරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා යුක්රේනයේ හදිසි සංචාරයක
2023 February 28- Page Views : 1187
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ යුක්රේනයට ගොස් තිබෙනවා.
එහි දී යුක්රේන ජනාධිපතිවරයා හමුවූ ඇය සිය රට සහයෝගය දිගින් දිගටම යුක්රේනයට ලබාදෙන බවටයි ප්‍රකාශ කර ඇත්තේ.
එමෙන්ම යුක්රේනයට ආර්ථික සහයද ලබාදෙන බවට භාණ්ඩාගාර ලේකම්වරිය පොරොන්දු වී තිබෙනවා.
ඉදිරියේ දී රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට අපේක්ෂා කරන බව ඇය මෙම සාකච්ඡාවේ දී අවධාරනය කරනු ලැබුවා.
මීට පෙර ඇමරිකානු ජනාධිපති ජේ බයිඩ්න් ද පෙරදැනුම් දීමකින් තොර ව හදිසියේ යුක්රේනයේ සංචාරයක නිරත ව තිබුණා.