WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉලෝන් මස්ක් යළිත් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු තැනට

2023 February 28- Page Views : 1187

ඉලෝන් මස්ක් යළිත් වරක් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්ව තිබෙනවා. ඒ, ඔහුට අයත් ටෙස්ලා සමාගමේ කොටස් මිල ඉහළ යාම හමුවේයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ටෙස්ලා සමාගමේ කොටස් මිල සියයට 70 කින් පමණ වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම ටෙස්ලා සමාගම සිය විදුලි මෝටර් රථවල මිල අඩු කිරීම හමුවේ එම වාහනවලට ඇති ඉල්ලුම ද ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ටෙස්ලා සමාගමේ කොටස් සියයට 5 යි දශම 5 කින් එනම් අමෙරිකානු ඩොලර් 207 යි දශම 63 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඉලෝන් මස්ක්ගේ දළ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 187 යි දශම 1 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව කෙටි කාලයක් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ සිටි ප්‍රංශ ජාතික ව්‍යාපාරික බර්නාඩ් ආනෝල්ට් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා. ඔහුගේ දළ වත්කම මේවනවිට අමෙරිකානු ඩොලර් බිලියන 185 යි දශම 3 ක් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.