WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්රේනයේ බක්මුට් නගරයේ දරුණු යුධ ගැටුම්

2023 February 28- Page Views : 1187

යුක්රේන සහ රුසියානු හමුදා අතර යුක්රේනයේ , බක්මුට් නගරයේ දරුණු ගැටුම් හටගෙන තිබෙනවා.

රුසියානුවන් විසින් එහි සිටින යුක්රේන ජාතිකයින් පළවා හැරීමේ මෙහෙයුම් ද දැඩිකොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකළේ.

මෙම නගරය අත්පත් කරගැනීම සඳහා රුසියානු හමුදා මාස 06ක කාලයක සිට උත්සහ දරමින් සිටිනවා.

යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළේ තම හමුදා සෙබලුන්ද ප්‍රතිප්‍රහාර එල්ලකරමින් සිටින බැවින් නගරයේ දරුණු ගැටුම් හටගෙන ඇති බවයි.

එම නිසා යුක්රේනයට තවදුරටත් ආයුධ සහ යුධආධාර ලබාදෙන ලෙසයි යුක්රේන ජනාධිපතිවරයා ලොව අනෙකුත් රටවලින් ඉල්ලා ඇත්තේ.