පේරු රාජ්‍යයේ පුද්ගලයෙකුගේ බෑගයකින් පැරණි මමියක් සොයා ගැනේ
2023 March 01- Page Views : 1187
පේරු රාජ්‍යයේ ආහාර බෙදා හරින පුද්ගලයෙකුගේ බෑගයක් පරීක්ෂා කිරීමේ දී වසර 600ත් 800ත් පමණ ඉපැරණි මමියක් සොයා ගෙන තිබෙනවා.
තමන් දීර්ඝ කාලයක් මෙම මමිය සිය කාමරය තුළ සඟවාගෙන සිටි බව සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.
මේ වන විට පොලිස් භාරයේ සිටින සැකකරුගෙන් පොලීසිය වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.