හැරී සහ මේගන්ට රජ පවුලෙන් තවත් කෙනෙහිලි
2023 March 02- Page Views : 1187
බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙකු වන සසෙක්ස්හී ආධිපාද හැරී කුමරු සහ මේගන් කුමරියට ලන්ඩන් නුවරට බටහිරින් පිහිටි වින්සර්කාසල්හි නිවසෙන් ඉවත්වන ලෙස රාජකීය පවුල දැනුම් දී තිබෙනවා.
ඔවුන්ට මෙම නිවස රාජකීය පවුල විසින් පිරිනමා තිබුණේ ත්‍යාගයක් ලෙසයි.
රජ පවුලට විරුද්ධව කටයුතු කිරීම සහ රජ පවුල විවේචනය කරමින් කෘතියක් එළිදැක්වීමෙන් පසුවයි ඔවුන්ට මෙලෙස වින්සර්කාසල්හි නිවසත් අහිමි වී ඇත්තේ.
එම නිවස කාමර 10කින් සමන්විතයි.
කෙසේ වෙතත් හැරි සහ මේගන් යුවල මේ වන විට ඇමරිකාවේ ජීවත් වනවා.