WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිය අද නවදිල්ලියේදී ඇරඹේ

2023 March 02- Page Views : 1187

G20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ සැසිවාරය අද (02) ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී ආරම්භ වේ.

එහිදී රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් පැනනැගී ඇති ගෝලීය ගැටලු සහ අභියෝග පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව විදෙස් වාර්තාවල සඳහන් ය.

විශේෂයෙන්ම එම ගැටුම්වලින් කලාපිය ආර්ථිකය මත සිදු වූ බලපෑම කෙරෙහි ඔවුන් අවධානය යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

කෙසේවෙතත් ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ, ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින්, යුක්රේනය සම්බන්ධයෙන් මධ්‍යස්ථ ස්ථාවරයක් අනුගමනය කර ඇති බවයි.

1999 වසරේ ආරම්භ වූ G 20 සමුළුව මහ බැංකු අධිපතිවරුන්ගේ සහ විදේශ අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි.