WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

18ට අඩු නම් ටික්ටොක් යන්න කාල සටහනක්

2023 March 02- Page Views : 133

වයස අවුරුදු 18ට අඩු පරිශීලකයින් සඳහා ටික්ටොක් භාවිතයට විශේෂ දෛනික කාලයක් සැකසීමට යෝජනා කර තිබේ.

ඒ අනුව මිනිත්තු 60ක පෙරනිමි (default) කාලයක් ලබා දීමට සැලසුම් කර ඇති බව බයිට්ඩාන්ස් ( ByteDance)ආයතනය සඳහන් කරයි.

එමෙන්ම ඇතැම් වචන හෝ හැෂ් ටැග් අඩංගු අන්තර්ගතයන් බැලීමට දෙමාපියන් හට තම දරුවන් ඉඩ ලබාදීම සඳහා යෙදුමක් සංවර්ධනය කරමින් සිටින බව ද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරන බව විදෙස් වාර්තා පවසයි.

ඔවුන් සිය ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් මෙම වෙනස්කම් සිදුකර තිබේ.