WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගජමුතු සමග තිදෙනෙකු අත්අඩංගුවට

2026 June 23- Page Views : 4

ලක්ෂ 200කට අලෙවි කිරීමට සුදානම් කළ බව කියන ගජමුතු 4ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අරාව කරඳගහමඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බිබිල, මාතලේ හා බකමූන යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 49,31 හා 29 යන වයස්වල පසුවන්නන් බවද පොලිසිය පැවසීය.

පොලිස් විශේෂ බළකා හාලිඇල උඩුවර කඳවුරේ නිලධාරීන් හට ලද තොරතුරක් මත උපාය දූතයෙකු යොදවමින් ඊයේ (22) මෙම වැටලීම සිදුකර ඇත.

එම අවස්ථාවේ දී ඔවුන් සන්තකයේ තිබී ගජමුතු බවට සැක කෙරෙන කැබලි හතරක් ද නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබේ.

සැකකරුවන් අරාව පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර ඔවුන් මහියංගනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.