ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 5.6ක භූ කම්පනයක්
2023 March 02- Page Views : 1187
ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා පළාතට රිච්ටර් මාපක 5.6ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.
එරට කාලගුණ විද්‍යාව, දේශගුණ විද්‍යාව සහ භූ භෞතික ඒජන්සිය (BMKG) මේ බව පවසනවා.
කාලගුණ ඒජන්සිය පවසන ආකාරයට භූමිකම්පාවේ කේන්ද්‍රය Pesisir Selatan දිස්ත්‍රික්කයට කිලෝමීටර 36ක් ගිනිකොන දෙසින් සහ ගොඩබිමට කිලෝමීටර 82ක් ගැඹුරින් පිහිටා ඇති බව සඳහන්.
කෙසේ වෙතත් මෙම කම්පන තත්ත්වයට සුනාමි තත්ත්වයක් ඇති කිරීමට නො හැකි වී ඇති බව යි වාර්තා වන්නේ.
එම කම්පනය අසල පිහිටි ජම්බි පළාතට ද දැනුණු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
කෙසේ වෙතත් මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මඟින් කිසිදු සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් මේ වන තුරු ම නිකුත් කර නෑ