WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මැන්චෙස්ටර් ප්‍රහාරය වළක්වාගැනීමට හැකි ව තිබූ බවට අනාවරණයක්

2023 March 03- Page Views : 1187

බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූයේ නම් 2017 වසරේ සිදු වූ බි්‍රතාන්‍යයේ මැන්චෙස්ටර් බෝම්බ ප්‍රහාරය වළක්වාගැනීමට හැකියාව තිබූ බව විමර්ශන වාර්තාවක් මගින් අනාවරණ කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුවේ සභාපති විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජෝන් සවුන්ඩර්ස් සිය තුන්වන සහ අවසන් වාර්තාව ඉදිරිපත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ.

උතුරු එංගලන්තයේ මැන්චෙස්ටර් අරීනා හි පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර 22 හැවිරිදි සල්මාන් අබේඩි නම් ලිබියානු සම්භවයක් ඇති පුද්ගලයෙකු විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා.

අයි.එස්. සංවිධානයේ අනුග්‍රහය යටතේ තරුණ කණ්ඩායම් ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයෙන් මියගිය ලාබාලතම පුද්ගලයා වයස අවුරුදු අටක දරුවෙකු බව සඳහන්.