බක්මූට් අත්පත් කර ගැනීම සඳහා යුක්රේනයේ දරුණු ගැටුම්
2023 March 07- Page Views : 1187
යුක්රේනයේ බක්මූට් නගරය අල්ලා ගැනීමට රුසියාව සහ යුක්රේනය අතර දරුණු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මීට පෙර අවස්ථා කිහිපයක දී මෙම නගරයේ බලය රුසියාව හා යුක්රේනය අතර හුවමාරු වී තිබූ බවයි එම වාර්තා සඳහන් කළේ.
කෙසේ වෙතත් යුධ ගැටුම් අතරතුර බක්මූට් නගරයේ බලය තහවුරු කර ගැනීම අතිශය වැදගත් වනවා.
මේ වන විට නගරයේ ඇතිව තිබෙන යුධ ගැටුම් හේතුවෙන් දෙපාර්ශයටම දැඩි හානි සිදුව ඇති අතර ජනාධිපති වැලදමියර් සෙලෙනෙස්කි යුක්රේන වෙනුවෙන් යුධ ආධාර ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කරනවා.