WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පකිස්තානයේ චීන ව්‍යාපෘති අතරමග ඇනහිටින ලකුණු

2023 March 07- Page Views : 1187

චීන - පකිස්තාන ආර්ථික කොරිඩෝව (CPEC) යටතේ පකිස්තානය තුළ ආරම්භ කරන ලද බලශක්ති ව්‍යාපෘතිවල නිරත චීන සමාගම් දිගින් දිගටම මූල්‍ය ගැටළුවලට මුහුණ දෙමින් ඇතැයි වාර්තා වනවා.

අදාළ ව්‍යාපෘති සඳහා පකිස්තානය ලබාදිය යුතු මුදල් නිකුත් කරන බව අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පොරොන්දු වී ඇතත් ඒවා පොරොන්දු පමණක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මෙම ගැටළුව සම්බන්ධයෙන් අදාළ චීන සමාගම් පකිස්තානයේ පිහිටි චීන තානාපති කාර්යාලයට සහ චීනයේ පිහිටි පකිස්තාන තානාපති කාර්යාලයට ද දැනුම් දී ඇතැයි සඳහන්.

චීන රක්‍ෂණ සමාගමක් වන M/s Sinosure, මේවනවිටත් පකිස්තානයේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවලට සමගාමීව කොන්දේසි සපුරාලීමට ව්‍යාපෘති මෙහෙයවන සමාගම් අපොහොසත් වීම හේතුවෙන් විදුලිබල අංශයේ ව්‍යාපෘති සඳහා නව මූල්‍ය පහසුකම් රක්ෂණය කිරීමට ද අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා.

විදේශ විනිමය අර්බුදය හමුවේ ණයවර ලිපි නිකුත් කිරීමට ඇති අපහසුතාව හේතුවෙන් පකිස්ථානයේ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතිවලට අදාළ කැනීම්වල නිරත සමාගම් ද දුෂ්කරතාවන්ට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.