ඉම්රාන් ඛාන් අසල්වැසි නිවසක සැගව සිටින බවට පකිස්තාන රජයෙන් චෝදනා
2023 March 07- Page Views : 1187
පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇතැයි බියෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සැගව සිටින බව පකිස්තාන රජය චෝදනා කරනවා. ඉකුත් දා ලාහෝර් නුවර පිහිටි ඉම්රාන් ඛාන්ගේ පෞද්ගලික නිවෙසට ඉස්ලාමාබාද් පොලිස් ස්ථානයේ නිලධාරීන් ගොස් තිබූ අවස්ථාවේ ඔහු නිවසේ තාප්පයෙන් පැන අසල්වැසි නිවසේ සැගව සිට ඇති බවයි පකිස්තායේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය රනා සනාවුල්ලා ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේවෙතත් ඉම්රාන් ඛාන් නිවසේ නොසිටි බැවින් පොලිස් නිලධාරීන් ආපසු පැමිණ ඇති අතර ඔහු නිවසේ නොසිටි බව බලධාරීන්ට දැනුම්දී ඇති බව ද පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
අත්අඩංගුවට පත්වීමෙන් වැළැකී සිටීම සඳහා ඉම්රාන් ඛාන් නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවටයි ඔහු චෝදනා කර ඇත්තේ. පොලීසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට ගියේ අධිකරණ නියෝග පිළිබඳ දැනුම්දීමට බවත් ඔහු ලැජ්ජා සහගත ලෙස ක්‍රියාකරමින් සිටින බවටත් පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා චෝදනා කළා.
එහෙත් ඉම්රාන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වන්නේ නම් පොලීසිය කිසිසේත් පසුබට නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
පකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේදී විදෙස් රටවලින් ලද ත්‍යාග අවභාවිත කිරීමයි.