WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බංග්ලාදේශයේ පිපිරීමකින් 17 ක් මරුට - සියයකට වැඩි පිරිසකට තුවාල

2023 March 08- Page Views : 1187

බංග්ලාදේශයේ, ඩකා අගනුවර ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.

ජනාකීර්ණ ප්‍රදේශයක් ආශ්‍රිතව මහල් 07 කින් යුත් ගොඩනැගිල්ලක මෙම පිපිරීම සිදුව ඇති අතර ඉන් මහල් දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා.

සිදුවූ පිපිරීමෙන් පසු ගිනි නිවන භටයින් 200 කගෙන් සමන්විත ගිනි නිවන ඒකක 11 ක් එම ස්ථානයට යොමු කර ඇති බවද විදෙස් මාධ්‍යවල සඳහන්. එම සත්මහල් ගොඩනැගිල්ලේ සිදුවූ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණවී නැහැ.