ජෝර්ජියාවේ විරෝධතා උග්‍රවෙයි
2023 March 08- Page Views : 1187
ජෝර්ජියාවේ විරෝධතා උග්‍ර වී තිබේ.
එරට මෙම විරෝධතා ආරම්භ වූයේ, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සාහ කරන නව නීතියක් හේතුවෙනි.
රාජ්‍ය නොවන සංවිධානවලට ජාත්‍යන්තරව හිමිවන අරමුදල් ප්‍රමාණය 20% ඉක්මවන්නේ නම් එය දේශීය රාජ්‍ය නොවන සංවිධානයක් නොවන බවට වන නව නීතියකට පාර්ලිමේන්තුවේ සහයෝගය ලබා දී ඇත.
විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත්තේ, ඔවුන් පෙට්‍රල් බෝම්බ ප්‍රහාර සහ ගල්මුල් ප්‍රහාර පොලීසියට එල්ල කිරීමත් සමගයි.
ඔවුන් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය.
ජෝර්ජියා ජනාධිපතිවරයා පවසන්නේ, අනුමැතිය සඳහා තමන්ට මෙය ලැබෙන්නේ නම් එය නිශේධනය කරන බවයි.
තමන් ජනතාව සමග සිටින බව ද ඔහු පවසා ඇත.