මෙට්රෝ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට ජපානයෙන් පැනමාවට ණයක්
2023 March 17- Page Views : 1187
ජපානය ඩොලර් මිලියන 626ක ණය මුදලක් පැනමා රාජ්‍යයට ලබාදී තිබෙනවා.
වසර විස්සකින් පියවීමට නියමිත මෙම ණය මුදල, පැනමා අගනුවරට නිරිත දෙසින් පිහිටි මෙට්රෝ දුම්රිය මාර්ගයක දෙවන අදියරේ ඉදිකිරීම් සඳහා යොදාගැනීමටයි සැළසුම් කර ඇත්තේ.
කිලෝමීටර 27ක් පුරා විහිදෙන මෙම මාර්ගයේ මෙට්රෝ දුම්රිය ස්ථාන 14ක් ආවරණය වන අතර, එමඟින් ලක්ෂ පහකට අධික පිරිසකට ප්‍රතිලාභ හිමිවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.