ඔස්ට්‍රෙලියාව අමෙරිකාවෙන් මිසයිල මිල දී ගැනීමේ සූදානමක්
2023 March 17- Page Views : 1187
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 895ක ගනුදෙනුවකින් කෘස් මිසයිල මිලදී ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව කෲස් මිසයිල 220ක් පමණ ඔස්ට්‍රෙලියාව විසින් මිලට ගනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අමෙරිකානු කොංග්‍රසයෙන් අත්සන් කිරීම අවශ්‍ය වන යෝජිත විකිණීමට Tomahawk මිසයිල සහ තාක්ෂණික සහාය ද ඇතුළත්.
Aukus ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රෙලියාව එක්සත් ජනපදයෙන් ලබා ගන්නා වර්ජිනියා පන්තියේ සබ්මැරීන විසින් මෙම මිසයිල භාවිත කිරීමට නියමිතයි.