පොලිසිය ඉම්රාන් ඛාන්ගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වෙයි
2023 March 18- Page Views : 1187
පාකිස්ථානයේ පන්ජාබ් පොලීසිය හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සමන් පාර්ක්හි නිවසේ දොර අඟුලු කඩා බලහත්කාරයෙන් ඊට ඇතුලු වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හිටපු අග්‍රාමාත්‍යවරයා ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුර පොලීසිය එලෙස ඔහුගේ නිවසට ඇතුලු වී තිබේ.
එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට තිබෙන අතර මේ පිළිබඳ පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ට්විටර් ගිණුමේ සටහනක් ද පළ කර ඇත.
ඔහු එමගින් ප්‍රශ්න කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව සිටියදී දොරගුලු කඩා නිවසට ඇතුළු වීමට ඔවුන්ට ඇති නෛතික හිමිකම කුමක් ද යන්නයි.