WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට රුසියාවෙන් යුක්රේනයට යළි අවසර

2023 March 19- Page Views : 1187

කළු මුහුද හරහා යුක්රේනයේ ධාන්‍ය අපනයනයට රුසියාව යළි අවසර ලබා දී තිබෙනවා.

ඒ සඳහා යුක්රේනය දින 120ක් ඉල්ලා ඇති අතර, රුසියාව දින 60ක පමණ කාලයක් ලබාදීමටයි තීරණය කර ඇත්තේ.

තමන්ට පනවා ඇති සම්බාධක ලිහිල් නොකරන්නේ නම් මෙම අවසරය තවදුරටත් දිගු නොකරන බවටයි රුසියාව අනතුරු අඟවා ඇත්තේ.

ලොව ධාන්‍ය නිෂ්පාදකයන් අතර මුල් ස්ථානයක යුක්රේනය සිටින අතර, පසුගිය කාලසීමාවේ යුද ගැටුම් හේතුවෙන් එය නතරවී තිබුණා.

ඒ හේතුවෙන් ලොව පුරා උග්‍ර ආහාර අර්බුදයක් හටගෙන තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ දී ජගත් සංවිධානය සහ තුර්කියේ මැදිහත්වීමෙන් රුසියාවට හිමි කළු මුහුද හරහා ධාන්‍ය අපනයනයට යුක්රේනයට අවසර ලබාදී තිබුණා.

එහෙත් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර රුසියානු යුද නැව්වලට හානි කිරීමත් සමඟ යුක්රේන ධාන්‍ය අපනයනය නතර කිරීමටයි රුසියාව පියවර ගෙන තිබුණේ.