ඉක්වදෝරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට
2023 March 19- Page Views : 1187
ඉක්වදෝරයේ දකුණු වෙරළ තීරයේ හටගත් භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
රික්ටර් පරිමාණයේ 6.7 ක අගයක් ගත් මෙම භූ කම්පනයෙන් නගර රැසක ගොඩනැගිලි කඩාවැටී ඇති අතර, විශාල පිරිසක් එම ගොඩනැගිලි අතර සිරවී ඇති බවටයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පොළොව අභ්‍යන්තරයේ කිලෝ මීටර 66 ක් ගැඹුරෙන් මෙම භූ කම්පනය හටගෙන තිබෙනවා.
මෙයින් සිදුවිය හැකි ජීවිත හානි ප්‍රමාණය තවදුරටත් ඉහළ යා හැකි බව ද විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්.
දකුණු ඇමරිකා මහද්වීපයේ පිහිටි ඉක්වදෝරයේ දෙවන විශාලතම නගරය වන ගුවායාකිල් සිට සැතපුම් 50 ක දුරින් පිහිටි බලඕ ආසන්නයේ මෙම භූ කම්පනය සිදුව තිබුණා.