WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

රාහුල් ගාන්ධි ගැන ඉන්දීය පාර්ලිමේන්තුව තීරණයක් ගනී

2023 March 24- Page Views : 1187

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි ගේ මන්ත්‍රී පදවිය අත්හිටුවීමට එරට පාර්ලිමේන්තුව පියවර ගෙන තිබේ.පාර්ලිමේන්තු නිවේදනයක ඒ බව දැක්වෙන බව ජාතන්තර මාධ්‍ය පැවසීය.

ඔහුට එරෙහිව එම තීරණය ගෙන ඇත්තේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ට අපහාස කර ඇති බවට එරට පහළ අධිකරණයක් මගින් ඔහු වැරදිකරු බවට නියෝග කිරීම හේතුවෙනි.

එහිදී ගාන්ධිට එරෙහිව වසර දෙකක සිර දඬුවමක් පනවා තිබුණි. 2019 වසරේ කථාවක් අතරතුර "බොහෝ හොරුන්ට මෝදී" යන නම ඇති බව පවසා තිබුණි.

එම නඩුවේ තීන්දුව ලබාදීමෙන් අනතුරුව ඒ අවස්ථාවේදීම ගාන්ධි ට ඇප ලබාදී ඇති අතර ඔහුව වැරදිකරු කරමින් ලබාදුන් තීන්දුව මාසයකට අත්හිටුවීය.