පාකිස්තානයට නොලැඹුන IMF අනුමැතිය
2023 March 25- Page Views : 1187
මැතිවරණ කටයුතු සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීමේ දුෂ්කරතා හේතුවෙන් පාකිස්තානයේ මැතිවරණ කල්යාමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ.
එරට ආරක්ෂක අමාත්‍ය කාවාජා අසීෆ් ප්‍රකාශ කර ඇත්තේ මේ වන විට එරට මුදල් අමාත්‍යංශයට මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් නොමැති බවය.
පාකිස්තාන තොරතුරු කටයුතු අමාත්‍යවරයා සමග පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පාකිස්තාන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමක් අපේක්ෂාවෙන් සිටින නමුත් මෙතෙක් ඔවුන්ට ඒ සඳහා අනුමැතිය හිමිව නැත.