WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටික්ටොක් සඳහා ප්‍රංශයෙනුත් තහනමක්

2023 March 25- Page Views : 1187

චීන සමාගමකට අයත් TikTok ජංගම දුරකතන යෙදවුම සඳහා විරෝධය පළ කරන රටවල් අතරට ප්‍රංශය ද එක්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනු ඇත. ඒ, ප්‍රංශය රාජ්‍ය සේවකයින් සඳහා TikTok යෙදවුම භාවිතය තහනම් කිරීමත් සමගයි.

ඒ අනුව ප්‍රංශය සිය රාජ්‍ය සේවකයින්ගේ රාජකාරී ජංගම දුරකතන සඳහා යෙදවුම භාවිතය තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පරිපාලනයේ සහ සිවිල් සේවකයින්ගේ සයිබර් ආරක්ෂාව සහතික කිරීම සඳහා මෙම පියවර ගත් බව ප්‍රංශ රජය පවසා ඇත.

මේවනවිට ලොව රටවල් කිහිපයක්ම TikTok යෙදවුම භාවිතය සඳහා තහනම් පනවා තිබේ. ඔවුන් පවසන්නේ අදාළ යෙදවුම හරහා චීන රජය රහස්‍ය තොරතුරු එක් රැස් කරන බවයි.