WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දරුවන් සිටින දකුණු කොරියාවේ තරුණයින්ට රජයෙන් වරප්‍රසාදයක්

2023 March 27- Page Views : 1187

චීනය සහ ජපානය මෙන්ම දකුණු කොරියාවේද උපත් අනුපාතය පහළ යාමේ අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ. ඒ හමුවේ තරුණ ප්‍රජාව වැඩි වශයෙන් දරුවන් ලැබීම සඳහා නැඹුරු කිරීමක් වශයෙන් දකුණු කොරියානු රජය විශේෂ වැඩපිලිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහි එක් පියවරක් ලෙස දරුවන් වැඩි ගණනක් සිටිනා තරුණයින් අනිවාර්යය හමුදා සේවයෙන් නිදහස් කිරීමට දකුණු කොරියානු රජය තීරණය තීරණය කර තිබේ. දකුණු කොරියාව යනු අනිවාර්ය හමුදා සේවය සම්බන්ධයෙන් දැඩි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන රටකි. ඒ අනුව එරට වයස අවුරුදු 18 ත් 28 ත් අතර සියලුම නිරෝගී පිරිමි පුද්ගලයින් මාස 18 සිට 21 දක්වා සන්නද්ධ හමුදාවන්හි සේවය කිරීම අනිවාර්ය වේ.

කෙසේවෙතත් උපත් අනුපාතය ඉහළ නැංවීම සඳහා රජය ගෙන ආ නව ප්‍රතිපත්ති අනුව දකුණු කොරියාව දරුවන් තිදෙනෙකු හෝ වැඩි ගණනක් සිටින වයස අවුරුදු 30 ට අඩු තරුණයින් අනිවාර්ය හමුදා සේවයෙන් නිදහස් කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.