WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ පාසලක සිදු වූ වෙඩි තැබීමකින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

2023 March 28- Page Views : 1187

ඇමරිකාවේ ටෙනිසි ජනපදයේ නෑෂ්විල් ප්‍රාන්තයේ පෞද්ගලික ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් ළමයින් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණාය.

මෙම පාසලේ දරුවන් 200ක් පමණ ඉගෙනුම ලබන අතර මියගිය අයගෙන් තුන්දෙනෙකු 09 හැවිරිදි වියෝ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

මියගිය අනෙත් තුන්දෙනා අවුරුදු 60 සහ 61 යන වයස්වල පසුවන පාසැල් ගුරුවරියක සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු වාර වෙඩි තැබීම සිදුකළ 28 හැවිරිදි තරුණිය පොලිස් වෙඩි පහරින් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

ඇය සතුව රයිෆල් තුවක්කු දෙකක් සහ අත් තුවක්කුවක් තිබුණු බවත් වසා තිබූ දොරවල් කඩා දමමින් බලහත්කාරයෙන් පාසලට ඇතුළු වී ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

නෑෂ්විල් ප්‍රදේශයේම පදිංචිකාරිණියක් වන මෙම කාන්තාව වෙඩි තැබීම් සිදුකළේ කුමක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

විදෙස් වාර්තා සඳහන් කළේ වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීමේ සිද්ධීන් 129ක් වාර්තා වී ඇති බවයි.