WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප් අධිකරණයට

2023 April 04- Page Views : 1187

අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණය හමුවේ පෙනී සිටීම සඳහා නිව්යෝර්ක් වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වී ඇති අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අද (04) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

2016 ජනාධිපතිවරණයට පෙර අසභ්‍ය චිත්‍රපට නිළියකට මුදල් ගෙවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වී තිබේ.

ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිට ඇති බ‍ව වාර්තා වේ.

76 හැවිරිදි ට්‍රම්ප් අපරාධ නඩුවකට මුහුණදුන් ඉතිහාසයේ පළමු අමෙරිකානු ජනාධිපතිවරයා ලෙස සැලකේ.