WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පුටින් තමන්ටම ගහගනී

2023 April 21- Page Views : 1188

අත්වැරදීමක් හේතුවෙන් රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් විසින් යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි තම රටට අයත් නගරයකට ප්‍රහාරයක් එල්ල කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය තහවුරු කර ඇත්තේ බෙල්ගොරොඩ් නගරයට ඊයේ රාත්‍රී කාලයේ එම බෝම්බ ප්‍රහාර එල්ල වී ඇති බවය.

එහිදී පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබේ.

නගර බලධාරින් ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය හේතුවෙන් එම නගර මධ්‍යයේ මීටර් 20ක පමණ පළලින් යුතු ආවාටයක් ද නිර්මාණය වී ඇති බවය.

පුද්ගලයින් 370,000ක් පමණ වෙසෙන බෙල්ගොරොඩ් නගරය යුක්‍රේන දේශසිමාවේ සිට කිලෝමීටර් 40ක පමණ දුරකින් පිහිටා ඇති අතර යුක්‍රේනය වෙත යොමු කෙරෙන රුසියානු ප්‍රහාරක ජෙට් යානාවල ගමන් මාර්ගය එම නගරය ආශ්‍රිත ගුවන් කලාපය හරහා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.