සුඩානයේ සිටින ශ්‍රී ලාංකිකයින් ට සෞදි රජයේ සහාය
2023 April 29- Page Views : 1187
සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අතරින් මුදාගත් දෙවන කණ්ඩායම සෞදි අරාබියේ ජෙඩාහි පිහිටි කිංග් ෆයිසාල් නාවික කඳවුර වෙත රැගෙනවිත් තිබුණි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ මෙම පිරිසට ශ්‍රී ලාංකිකයින් 06 දෙනෙකු ඇතුළත් බවය.
ජෙඩාහි ශ්‍රී ලංකා වැඩ බලන කොන්සල් ජනරල් විසින් මෙම පිරිස භාරගෙන ඇත.
සුඩානයේ හටගත් ගැටුම් හේතුවෙන් එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 13 දෙනෙකු පසුගියදා ජෙඩා වෙත රැගෙන විත් තිබුණි.
සෞදි අරාබියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය පවසන්නේ සුඩානයේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් ඉවත් කර ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සෞදි අරාබි රජය සහාය දක්වන බවය.
සුඩානයේ රැඳී සිටින ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට අවශ්‍ය සහය ලබාගැනීම සඳහා පෝට් සුඩාන් නගරයේ අල්රවුඩා හෝටලයේ තාවකාලිකව ස්ථාපිත කර ඇති ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කර ගතහැකි බව එම තනාපති කාර්යාලය පවසයි.