WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටෙක්සාස් හි වෙඩිතැබීමක් - කුඩා දරුවෙකු ඇතුළු 05ක් මරුට

2023 April 30- Page Views : 1187

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 05දෙනෙකු මියගොස් තිබේ.

බීමතින් සිටි පුද්ගලයෙකු සිය මිදුලේ වෙඩිතැබීමට පුහුණුවෙමින් සිටියදී අසල්වැසි නිවසේ අයෙකු ඔහුට පවසා ඇත්තේ තම කුඩා දරුවාට නිදා ගැනීමට අවශ්‍ය බැවින් ඊට බාධා නොකරන ලෙසය.

එම ප්‍රකාශයට උරණ වූ එම පුද්ගලයා අසල්වැසියාගේ නිවසට ගොස් වෙඩිතැබීම සිදුකර තිබේ.

වෙඩිතැබීම සිදුකළ සැකකරු පළාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකය.

එහිදී 08 හැවිරිදි කුඩා දරුවෙකු ඇතුළු 05 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වෙයි.