ඇමෙරිකාවෙන් යළිත් චීනයට අනතුරු ඇඟවීමක්
2023 April 30- Page Views : 1188
දකුණු චීන මුහුදේ කඩාකප්පල්කාරී සහ අනාරක්ෂිත ක්‍රියාකාරකම් සිදුකිරීම සම්බන්ධයෙන් අමෙරිකාව චීනයට අනතුරු අඟවා තිබේ.
අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක මැතිව් මිලර් ප්‍රකාශ කර ඇත්තේ, ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ පිලිපීන නාවික යාත්‍රාවකට චීනය අවහිරතා සිදුකර ඇති බවය.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනන් මාකොස් ජූනියර් අමෙරිකාවේ නිල සංචාරයක් සඳහා සූදානම්ව සිටියදී එම තත්ත්වය වාර්තා වී තිබේ.
පිලිපීන වෙරළ ආරක්ෂක බළකායට අයත් යාත්‍රාවකට චීනය බලපෑම් සිදුකර ඇති අතර මීට පෙර ද එවැනි අවස්ථා කිහිපයක් වාර්තා වුණි.
දකුණු චීන මුහුදේ කටයුතු සම්බන්ධයෙන් අමෙරිකානු යුද බලය ඉහළ නැංවීම සඳහා යුද කඳවුරු ගොඩනැගීමට පිලිපීනය අමෙරිකාව වෙත දූපත් කිහිපයක් ලබාදීමට එකඟ වී තිබුණි.