WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සුඩානයේ ගැටුම්වලින් 400කට වැඩි පිරිසක් මරුට

2023 April 30- Page Views : 1187

සුඩානයේ කාර්ටූම් හි පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් 400කට අධික පිරිසක් මියගොස් තිබේ.

ගැටුම්වලින් සිවිල් වැසියන් 411දෙනෙකු මියගොස් ඇති බවට නිල දත්ත වාර්තා මඟින් එරට ආරක්ෂක අංශ අනාවරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය සති කිහිපයේ පැවැති ගැටුම්ලින් පමණක් සිවිල් වැසියන් 2,000කට වඩා අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවට එරට සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර කළද එම ගණන ඊට වඩා වැඩි අගයක් ගන්නා බව සඳහන් ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර කරමින් සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වාදී ඇත්තේ ගැටුම් ආරම්භයේ සිට මේ දක්වා ලද තොරතුරුවලට අනුව සටන්කාමීන් ඇතුළු සමස්ත මරණ 528ක් වාර්තා වන අතර තුවාල ලැබූවන් 4,500ක් වාර්තා වී ඇති බවය.