ඉක්වදොරයේ වෙඩිතැබීමකින් 10ක් මරුට
2023 May 01- Page Views : 1187
ඉක්වදෝරයේ ගුවායාකිල් වරාය නගරයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් 5 හැවිරිදි දැරියක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් අතර පවතින ගැටුමක ප්‍රතිඵලයක් ලෙස එම වෙඩි තැබීම සිදුව ඇති අතර ප්‍රහාරයෙන් පසු අදාළ ප්‍රදේශයට ඇදිරි නීතියද පනවා තිබේ.
වරාය නගරයේ ඉහළ යන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා ඉක්වදෝර රජය විසින් අප්‍රේල් මස මුලදී ගුවායාකිල් සහ ඒ අවට ප්‍රදේශවලට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබුණි.