බියකරු යුද ගැටම් මැද තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් මුදාගනී
2023 May 02- Page Views : 1187
සුඩානයේ යුද ගැටුම් අතරතුර ඉවත් කර ගැනුණු තුන්වන ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම ලෙස ලාංකිකයින් 11 දෙනෙකු මේවන විට ජෙඩා නුවරට ළඟා වී තිබේ
.
ඒ අනුව මේවන විට ශ්‍රී ලාංකිකයින් 31 දෙනෙකු සුඩානයෙන් ඉවත් කරගැනීමට හැකි ව ඇත.
සුඩානයේ නීත්‍යනුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් සහ සුඩාන රාජ්‍ය හමුදාව අතර ගැටුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
ගැටුම් හේතුවෙන් මේ වනවිට සුඩාන වැසියන්ද ඇතුළුව ලක්ෂ 8 කට අධික පිරිසක් සුඩානයේ සිට අසල්වැසි රටවල් 7 කට පළාගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සරණාගත මධ්‍යස්ථානය පවසය.
ප්‍රචණ්ඩකාරී ගැටුම්වලින් දැනට 500 කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර තුවාල ලැබූවන් ගණන දෙදහසකට අධිකය.
නීත්‍යානුකූල නොවන සන්නද්ධ හමුදා කණ්ඩායම් එරට කාර්ටුම් අගනුවර පිහිටි විශාල වෙළෙඳපොළකට මෙන්ම මහ බැංකුවට ද ගිනි තබා තිබුණි.
මේ වන විට සෞදි අරාබිය විසින් සුඩානයෙන් ඉවත් කරගත් සංඛ්‍යාව 5,409 ක් වන අතර ඉන් 5,184 ක් විදේශිකයින් බව සෞදි විදේශ අමාත්‍යංශය පවසයි.