WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දීය රංගන ශිල්පී මනෝ බාලා අභාවප්‍රාප්ත වෙයි

2023 May 03- Page Views : 1187

ජනප්‍රිය රංගන ශිල්පියෙක් සහ අධ්‍යක්ෂවරයෙක් වන මනෝ බාලා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි ඒ මහතා මියයන විට 69 හැවිරිදි වියේ පසුවුණි.

මනෝ බාලා මහතා චිත්‍රපටි 40ක්, රූපවාහිනී ටෙලිනාට්‍ය 16ක්, රූපවාහිනී චිත්‍රපට 3ක් අධ්‍යක්ෂණය කර ඇති අතර චිත්‍රපට 200කට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායකත්වය ලබාදී තිබේ.

අක්මාවේ ඇති වූ ආබාධයක් හේතුවෙන් චෙන්නායි ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පසුගිය දින 15ක පමණ සිට නිවසේ ප්‍රතිකාර ලබමින් සිටියේය.