WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඔස්ට්‍රේලියාවේ කාසියකින් වියට්නාමය කැලඹෙයි

2023 May 06- Page Views : 1187

දකුණු වියට්නාමයේ කහ ධජයේ රුව සහිත කාසියක් ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කිරීම සම්බන්ධයෙන් වියට්නාමය දැඩි විරෝධය පළකර තිබේ.

මෙම කාසිය ද්විපාර්ශ්වික සබඳතාවල ධනාත්මක ප්‍රවණතා ප්‍රතික්ෂේප කරන බව පවසා ඇති වියට්නාමය එහි සංසරණය නතර කරන ලෙස ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඔස්ට්‍රේලියාව වියට්නාමයෙන් සිය හමුදා ඉවත් කර වසර 50ක් සපිරීම නිමිත්තෙන් මෙම සීමාසහිත ඩොලර් දෙකේ කාසිය නිකුත් කර ඇති බව වාර්තා වේ.

වියට්නාමයේ විදේශ නියෝජ්‍ය ප්‍රකාශක පවසා ඇත්තේ ඉරි තුනකින් යුත් කහ කොඩිය සහිත භාණ්ඩ නිකුත් කිරීම සහ සංසරණය කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළකරන බවය.

මෙම කාසියේ ඉදිරිපස පැත්තේ දිවංගත දෙවන එලිසබෙත් රැජිනගේ රූපයක් ද පිටුපසින් UH-1H හෙළිකොප්ටරයක් ද ඇති බව විදෙස් වාර්තා සඳහන් කර තිබේ.