අමෙරිකාවේ තවත් සමූහ වෙඩිතැබීමක්
2023 May 07- Page Views : 1187
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලාස් නගරයේ වෙළෙඳ සංකීර්ණයකට ඇතුළු වු තුවක්කුකරුවෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එහි සිටි 09 දෙනෙකු මියගොස් ඇත.
මීට අමතරව තවත් 07 දෙනෙකු පමණ රෝහල් ගත ප්‍රතිකාර ගන්නා බවත් එයින් තිදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් වාර්තා පවසයි.
තුවාල වූ පිරිස අතර කුඩා ළමුන් සිටින බව ද වාර්තා වේ.
පොලීසිය සිදුකළ වෙඩි තැබීමේ දී තුවක්තුකරු ද මියගොස් ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබේ.