WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මෙතෙක් එල්ල වූ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව

2023 May 09- Page Views : 1187

රුසියාව අද (09) ජයග්‍රහණයේ දිනය සැමරීමට නියමිතව තිබේ.

දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය මෙහිදී සැමරේ.

ඊට සමගාමීව ඊයේ රාත්‍රියේ ද කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර රැසකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව වාර්තා වේ.

දින 08ක් තුළ රුසියාව එල්ල කළ සිව්වන ප්‍රහාර මාලාව මෙය වන අතර ඊයේ එල්ල කළ ප්‍රහාරය රුසියාව විසින් සිදුකළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව කියෙව් නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ඉන්ධන ගබඩා, ආහාර ගබඩා ඇතුළු ඉලක්ක වෙත එම ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වේ.