WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චීන තානාපති නිලධාරියෙක්ව නෙරපයි

2023 May 09- Page Views : 1187

චීන තානාපති නිලධාරියෙක්ව නෙරපීමට කැනඩාව කටයුතු කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

කැනඩාවේ ටොරන්ටෝ නුවර පිහිටි චීන තානාපති කාර්යාලයක සේවය කළ එම නිලධාරියා කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට හිරිහැර කළ බවට චෝදනා එල්ලවෙයි.

චීනය මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරන බවට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රී මයිකල් චොං චෝදනා කර ඇති අතර අනතුරුව හොංකොං හි වෙසෙන ඔහුගේ ඥාතීන්ට චීන බලධාරීන් හිරිහැර කර ඇති බව වාර්තා විය.

කැනඩා විදෙස් කටයුතු අමාත්‍ය මෙලනි ජෝලි නිල වශයෙන් නිවේදනය කළේ සාඕ වෙයි නෙරපන බවය.

ඒ සම්බන්ධයෙන් ඔටාවා නුවර පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ තම නිලධාරියාව නෙරපීම වැරදි ක්‍රියාවක් බවය.