WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප් වරදකරු වෙයි

2023 May 10- Page Views : 1187

1990 වර්ෂයේදී ඇඟලුම් වෙළෙඳසැලක් තුළ මාධ්‍යවේදිනියකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවට අමෙරිකානු ජනාධිපතිවරණ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ.

ජීන් කැරොල් නම් මාධ්‍යවේදිනිය විසින් ට්‍රම්ප්ට එරෙහිව ගොනුකර තිබූ සිවිල් නඩුවකදී එහි ජූරි සභාව විසින් එම තීරණය ගෙන තිබේ.

ඇය චෝදනා කර ඇත්තේ එම ඇඟලුම් වෙළෙඳසැලේ පැළඳුම් කාමරයක් තුළදී ට්‍රම්ප් ඇයට ලිංගික හිරිහැර සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ චෝදනාවට ට්‍රම්ප් වරදකරු කළ අදාළ ජූරි සභාව අදාළ මාධ්‍යවේදිනියට අමෙරිකානු ඩොලර් මිලියන 05ක වන්දි මුදලක් ලබාදෙන ලෙස ද ඩොනල්ට් ට්‍රම්ප්ට නියෝග කර තිබේ.